නවක වධය නැවැත්වීමට ‘නවක වධ විරෝධී ජාතික කමිටුවක්’

September 19, 2023

නවක වධය නැවැත්වීමට නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවා ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (18) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.

”නවක වධය යන්නෙන් අපි මෙන්න මේ කාර්යය කරන්නට මාස 8ක කාලයක් තිස්සේ අපි කතිකා කර මෙහි තිබෙන සමාජ, ව්‍යුහාත්මක, දේශපාලනික, කළමනාකරණ යන කෝණ කිහිපයකින් බලා නවක වද විරෝධී ජාතික කමිටුවක් පිහිටෙවුවා. ඒ ජාතික කමිටුවට ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක්, අග්‍රාමාත්‍යතුමාගේ නියෝජිතයෙක්, අද මෙහි පැමිණ සිටින මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයෙක්, පොලිස්පතිතුමාගේ නියෝජිතයෙක්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නියෝජිතයෙක්, උප කුලපතිවරුන්ගේ සංගමයේ නියෝජිතයෙක්, වැනි පළල් වුණු පුළුල් වුණු බුද්ධිමය සාකච්ජාවකින් තමා අපි මෙහි කමිටුව පිහිටුවා ගනු ලැබුවේ ”

මේ වසර තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දිය හැක්කේ, උපාධි අපේක්ෂකයින් 45,000ක් පමණ පිරිසකට පමණක් බව ය.

”මේ අවුරුද්දේ තුන්ලක්ෂ හැට තුන්දාහක් වන මේ රටේ අනාගත පුරවැසියන් තමන්ගේ ජීවිතේ කඩඉමක් වන උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. මාස 9 පමණ කාලයකින් ප්‍රතිඵල නිකුත් වුණා. ඒ ප්‍රතිඵල අනුව තවදුරට ත් උසස් අධ්‍යාපනය ලබා ගන්නට සුදුසුකම් කියන අවම සුදුසුකම තියෙන අය එක්ලක්ෂ හැටතුන්දාහක් මේ රටේ පුරවැසියන්. නමුත් භෞතික, මානව, ආර්ථික සීමාවන් නිසා අපට උපරිම ගන්න ලැබෙන්නේ හතළිස් පන්දාහක් පමණ ප්‍රමාණයකට ”

t

o

p