ආසියානු ක්‍රිකට් ශූරතාව ඉන්දියාවට

September 17, 2023

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය. ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 15 වන පන්දු වාරයේ 2 වන පන්දුවේදී සියලු දෙනාම දැවී ලකුණු 50 ට දවා ගන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත්විය.

මේ අනුව ඉන්දීය කණ්ඩායම 6 වන පන්දු වාරයේදී ලකුණු 51 ක් ලබා ගන්නා ලදි.

කඩුලු 10 කින් අද තරගය ජයග්‍රහණය කරමින් 2023 ආසියාණු කුසලානය සූරතාව ගැනීමට ඉන්දීය කණ්ඩායම අද ආර්, ප්‍රේමදාස පිටියේදී සමත්විය.

t

o

p