පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලැබෙන පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනයට

September 17, 2023

ජනතාවගෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කිරීම ආරම්භ කර තිබේ.

පැමිණිලි විමර්ශනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් දිස්ත්‍රික් මට්ටමින් මෙලෙස විමර්ශන ආරම්භ කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.

ඒ, අනුව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ යෝජනාවකට අනුව දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර එම ක්‍රියාවලි අද (17) එළිදැක්විය.

ජනතාවට ඉදිරිපත් කිරීමට ඇති පැමිණිලි විමර්ශනය සඳහා ප්‍රධාන කාර්යාලයට ම පැමිණිය යුතුවීමෙන් අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.

t

o

p