ඉන්දියාවට ජය

September 12, 2023

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී ලකුණු 213ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.

චරිත් අසලංක ද විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් කඩුළු 4ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා පිලට පන්දුවාර 41යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 172ක් පමණී.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුනිත් වෙල්ලාගේ ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් විය.ධනංජය ද සිල්වා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 41කි.

ඒ අනුව ඉන්දීය පිල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

t

o

p