ආසියානු කුසලානයේ ඉන්දු – ශ්‍රී ලංකා සටන අද

September 12, 2023

සුපිරි සිව්දෙනාගේ වටයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගය අද (12) පැවැත්වීමට නියමිතයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන තරගය අද සවස 3.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.

සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම පෙරමුණේ රැඳී සිටින්නේ, පකිස්ථානයට එරෙහිව ලැබු විශිෂ්ට ජය හේතුවෙනුයි.

සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටි.

t

o

p