ජාතික උරුමයන් සුරැකීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක්

September 8, 2023

ජාතික උරුමයන් සුරුකීම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් ගෙන ඇති පියවර පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්ම වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්ම වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, සංචාරක ප්‍රවර්ධන කාරයාංශය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් සම්බනධවීම සිදු විය.

මෙහිදී කුරින්දි විහාරය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදු කළ මැදිහත් වීම පිළිබඳවද සාකච්ඡා විය. එසේම දැනට ලංකාවේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත යැයි හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත්කොට ඇති ස්ථාන සහ ප්‍රකාශයට පත් කිරීමට ඇති ස්ථාන පිළිබඳවද සාකච්ඡා කිරීම සිදු විය. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක වශයෙන් සහ පළාත් වශයෙන් මෙම පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන සංරක්ෂණය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

තවද පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන ලෙස හඳුනාගත් වර්තමානයේ විනාශ වී ඇති හෝ විනාශවීමට සම්භාවිතාවක් ඇති ස්ථාන පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් කළ සහ නොකළ ස්ථාන සහ මේවායින් දැනට විනාශ වීම සිදු වී ඇති ස්ථාන සහ විනාශවීමේ අවධානම සහිත ස්ථාන දිස්ත්‍රික්ක වශයෙන් මෙම කමිටුවට ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා නිර්දේශ කළේය.

එසේම පුරාවිද්‍යා අරමුදලක් ඇති කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මේ සම්බන්ධයෙන් දැනට සාකච්ඡා කරමින් පවතින බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය.

එසේම මෙහිදී කැදවා තිබූ අනෙකුත් ආයතන ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වීම මෙහිදී සිදු විය.

t

o

p