බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම මෙරට ආර්ථිකයට වැදගත්

September 8, 2023

ලෝක ජනගහනයෙන් 41% ක් ජීවත් වන්නේත්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 24% ක් සේම ලෝක වෙළද කටයුතුවලින් 16%ක් ක්‍රියාත්මක වන්නේ බ්‍රික්ස් රටවල් තුල බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය. එමෙන්ම 2022 වසරේ මෙරට අපනයන වලින් 10.3% ක් සහ ආනයනයන්ගෙන් 47.3% ම සිදු කර ඇත්තේ බ්‍රික්ස් රටවල් වලින් බවත් මේ හේතූන් අනුව බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ආර්ථිකමය ලෙස වැදගත් වන බව මහ බැංකු නිලධාරීන් තව දුරටත් සඳහන් කළහ.

මේ පිළිබඳ කරුණු ඉදිරිපත්වුයේ බ්‍රික්ස් (බ්‍රසීලය,රුසියාව ,ඉන්දියාව ,චීනය, දකුණු අප්‍රිකාව) රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ මෙරටට ලබාගත හැකි සමාජ ,ආර්ථික ,දේශපාලන ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ සමාජ,ආර්ථික ,දේශපාලනමය වශයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ සම්බන්ධයෙන් විමසා බැලීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මුලිකත්වයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමග විශේෂ සාකච්ජාවක් පවත්වා එහි වාර්ථාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට කාරක සභා සභාපතිවරයා විසින් නිර්දේශ ඉදිරිපත් කළේය.

t

o

p