ග්‍රාම නිලධාරීන් 4000ක් බඳවා ගනී

September 8, 2023

පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිලධාරි තනතුරු 4000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අ‍ශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මෙරට ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල්කරණය කිරීමේ e-GN වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

t

o

p