මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක්

August 28, 2023

වියළි කාලගුණික තත්ත්වය මත යළිත් මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

ජලය ඉතාම සුළු වශයෙන් පවතින ස්ථානවල ස්නානය සහ මසුන් ඇල්ලීමට යාමෙන් මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බවත් ජලය අවම ස්ථානවල ස්නානය කිරීම මඟින් සමේ රෝග සහ පාචනය ඇති වීමේ අවදානමක් මතුව ඇති බවද සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

එදිනෙදා ජනතාවට පානීය ජලය විකිණීමට කටයුතු කරන ස්ථාන සම්බන්ධයෙන් දැඩි විමසිල්ලකින් කටයුතු කරන ලෙසත් නිතර උතුරුවා නිවා ගත් ජලයම භාවිතා කරන ලෙසද සභාපති උපුල් රෝහණ ජනතාවට දැනුම්දීමක් කරයි.

t

o

p