අවුරුදු 07ක කාලයක සිට ඉදිකිරීමට යෝජිත මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට ප්‍රථම ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව එහි ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මහනුවර පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කරයි.