මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අද සිට විශේෂ දුම්රිය සේවා

August 26, 2023

මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අද (26) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ, අද සිට පෙරහැර අවසන් වන තෙක් එම ගමන්වාර ක්‍රියාත්මක බවයි.

තව ද මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුව්, ඒ සඳහා බස් රථ 350ක් පමණ ධාවනයට එක්කර ඇති බවයි.

t

o

p