“ලිට්ල් හාර්ට්ස්” අරමුදලට LPL තරගාවලියෙන් මිලියන 100ක්

August 18, 2023

“ලිට්ල් හාර්ට්ස්” අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 100ක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ, අනුව අදාළ මුදල ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එම අරමුදල වෙත පිරිනමන බවයි ක්‍රිකට් ආයතන වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවර තරගාවලියේ දී එල්ල වන සෑම හයේ පහරක් සඳහා රුපියල් 6000ක මුදලක්ද, හතරේ පහරක් සඳහා රුපියල් 4000 ක මුදලක් ද “ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් හිමිවෙයි.

එමෙන්ම තරගයකදීම වාර්තා වන සෑම නිලකුණු පන්දුවකට රුපියල් 2000 බැගින් එම අරමුදල පිරි නැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

t

o

p