පළමු වරට දඹුල්ල අවුරා LPL අවසන් මහා තරගයට

August 17, 2023

දඹුල්ල අවුරා කණ්ඩායම LPL ක්‍රිකට් ඉතිහාසයේ පළමු වර අවසන් පූර්ව වටයකට සුදුසකම් ලබාගැනීමට අද සමත් විය.

ඒ අද පැවති අවසන් වටයේ තීරණාත්මක පළමු තරගයෙන් ගොල්ල ටයිටන්ස් කණ්ඩායම කඩුලු 06 කින පරාජය කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම නියමති පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 146 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් රැස් කරන ලදි.

මෙම කණ්ඩායම් දෙක මෙවර තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින බැවින් මෙම තරගයෙන් පරාජයට පත්වූ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට තවත් අවස්තාවක් හිමිවෙයි.

ඒ අනුව මීළගට පැවැත්වෙන බී-ලව් කැන්ඩි සහ ජැප්නා කින්ග්ස් තරගයෙන් ජයගන්නා කන්ඩායම සමග ගෝල් ටයිටන්ස් යළි තරගවදිනු ඇත.

t

o

p