ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය යළි ඇරඹේ

August 18, 2023

දින නියමයක් නොමැතිව දැනට වසා දමා තිබෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ (3) තෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 21 වන දින යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පවසයි.

ඒ අනුව තෙවන වසරේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සරසවි සිසුන් 20 වන දින වන විට සිය නේවාසිකාගාරවලට පැමිනෙන ලෙසට දැනුම් දෙති.

මේ අතර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ (2) දෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 28 වන දින යලි ආරම්භ කරන බවද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පැවසීය.

t

o

p