මහ පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු කරගෙන ගිය පමුණුගම නුගපේ පුදේශයේ පවත්වා ගෙන ගිය තෙල් හා මේද ආශ්රිත ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අපනයනය කිරීම සඳහා ගබඩා කොට තිබු කල් ඉකුත් වූ වනස්පති බටර් කිලෝ 10,000 සහ දේශීය වෙළෙඳපළට බෙදා හැරීමට සුදානම් කොට තිබු තෙල් හා මේද ආශ්රිත විවිධ වර්ගයේ කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. එස්. එම්. හිජාස් මහතාගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු පවසා සිටියේ එක පැකට් එකක කිලෝ 5 බැගින් අසුරා තිබු කල් ඉකුත් වු වනස්පති බටර් පැකට් 2000 කර්මාන්ත ශාලාවේ ගබඩා 04ක තිබියේදි සොයාගත් බවත් ඒ ගබඩා 04 ටත් කල් ඉක්තු වු තෙල් හා මේද ආශ්රිත නිෂ්පාදන වු බටර්, ගී, මාජරීන්, පොල්තෙල් සහ ෆාම් ඔයිල් ඇතුළු විවිධ ආහාර ද්‍රව්‍යයන් ගබඩා කර තිබු තවත් අඩි 40 බහාලුම් 10 කටත් සීල් තැබු බවය.