මාසිකව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අපනයනය කිරීම අරඹයි

August 14, 2023

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ තිබෙන වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමේ කටයුතු පසුගියදා ආරම්භ විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් එම කටයුතු ආරම්භ වූ අතර එම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ඒ. එච්. එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණ දෙනිපිටිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ හා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

මෙම මධ්‍යස්ථානයේ සකසනු ලබන ඝන කාබනික පොහොර මාසිකව මෙට්‍රික් ටොන් 5000ක් බැගින් අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම පොහොරවලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඩුබායි හි ඉදි කෙරෙමින් තිබෙන වගා ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබයි.

t

o

p