පැරීසියේ අයිෆල් කුළුණ (Eiffel Tower) නරඹන්නන් සඳහා ඊයේ (12) සිට හදිසි තත්වයක් මත වසා දමා තිබේ.
ඒ, බෝම්බ තර්ජනයක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ප්‍රංශ පොලිසිය සඳහන් කර ඇත්තේ, ආරක්ෂිත පියවරක් ලෙස එහි සිටි පිරිස ඉවත් කිරීමෙන් පසු අයිෆල් කුළුණ වසා දැමීමට පියවර ගත් බවයි.
තොරතුරු ලැබීමෙන් පසු බෝම්බ නිෂ්ක්‍රීය විශේෂඥයින් සහ පොලිසිය එම ස්ථානයට පැමිණ මෙය සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.