වැස්ස නොලැබුණත් කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය – මණ්ඩලය කියයි

August 13, 2023

වියළි කාලගුණ තත්ත්වයක් පැවතුනද කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබා දීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් මේවනවිටත් අක්‍රීය වී තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මේවනවිට බිඳ වැටී ඇති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රය, එළඹෙන අඟහරුවාදා පමණ වන විට ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇති බවයි.

මේ අතර, ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කරන සම්ප්‍රේශන රැහැන් පද්ධතිය සකස් කිරීමේ කටයුතුවල මුල් අදියරය මේවනවිටත් ආරම්භ කර තිබේ.

සම්ප්‍රේෂණ රැහැන් එලීම සඳහා මෙතෙක් කලක් අවසර ලබා නොදුන් අදාළ ඉඩම් හිමියන් මහජන උපයෝගිතා කොමිසම සමඟ පැවති සාකච්ඡාවේදී මුදල් අය කිරීමකින් තොරව එම ඉඩම් හරහා සම්ප්‍රේෂණ රැහැන් එලීමට අවසර ලබා දෙන ලදි.

t

o

p