දඹුල්ල මීළඟ වටයට

August 13, 2023

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ කලම්බූ කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 50 කින් ජය ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 166ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කලම්බූ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ රැස්කර ගත හැකි වූයේ ලකුණු 116ක් පමණි.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම ප්ලේ-ඕෆ් සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

t

o

p