වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

August 9, 2023

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 93,171 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 07 කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම හා බදුල්ල එම දිස්ත්‍රික්කවේ.

පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 28,947 කි.

මේ අතර පවතින වියළි කාලගුණය හමුවේ විවිධ රෝගාබාධ ඇති විය හැකි බව, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

t

o

p