කංකසන්තුරේ සහ ත්‍රිකුණාමල වරාය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ අවධානය

August 9, 2023

කංකසන්තුරේ සහ ත්‍රිකුණාමල වරාය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ අවධානය යොමුව තිබේ.

ඒ පිළිබද සාකච්ඡා කිරීමට 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවිය.

කංකසන්තුරේ සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් කංකසන්තුරේ වරායේ යටිතල පහසුකම් සැපයීමට වරාය අධිකාරිය කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනලදි.

ඉන්දීය රජයේ අවසරය මත මෙම ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට කැමති ආයෝජකයින්ට අවස්ථාවන් ලබාදිය හැකි බවයි අමාත්‍යවරයා කියාසිටියි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ඉන්දීය ආයෝජකයින් මෙහිදී එකගවිය. ගුවන් සේවා ක්ෂේත්‍රයේ පවතින ආයෝජන පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

t

o

p