ඉදිරියේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුවේ දී (COP 28), අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය (CJF) දියත් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසීය.
දේශගුණික යුක්තිය සහතික කිරීම සහ හානි සඳහා මුල්‍යකරණය කඩිනම් කිරීමට විකල්ප මෙන්ම සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයක් ලබා දීමේ පොදු අරමුණ ඇතිව දේශගුණික යුක්ති සංසදය පිහිටුවීමට ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව ආසියා පැසිෆික් කලාපයේ පාරිසරික ගැටළු සාකච්ඡා කිරීමට රාජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට වේදිකාවක් සැපයෙන ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ පස්වන සංසදය 2023 ඔක්තෝබර් 3 වනදා සිට 6 වනදා දක්වා කොළඹදී පැවැත්වෙන බවත්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමඟ එක්ව පරිසර අමාත්‍යාංශය විසින් එය සංවිධානය කරන බවත් අමාත්‍යවරයා පැවසීය.