ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට රජය සූදානම්

August 7, 2023

රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙස මෙම වසර අවසන් වීමට පෙර පුරන් කුඹුරු හෙක්ටයාර් 11,000ක් යළි වගා කිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් මේ සඳහා රජය රුපියල් මිලියන 420ක් වෙන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

t

o

p