“ශනිදා සීතාවක ඔඩෙසි” ගමන් අරඹයි

August 6, 2023

සති අන්තයට නව සංචාරක දුම්රිය අත්දැකීමක්‌ එක් කරමින් “ශනිදා සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය” ඊයේ(05) කොළඹ සිට වග දුම්රිය ස්ථානය දක්වා සුබ මොහොතින් ගමන් ආරම්භ කෙරිණි.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම අනුව ආරම්භ කෙරුණු මෙම දුම්රිය සේවාව මගින් සීතාවක ප්‍රදේශය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සංචාරක කලාපයක් ලෙස තවදුරටත් ප්‍රචලිත කිරීම උදෙසා දෙස් විදෙස් අවධානයට ලක්වනු ඇත.

එම අරමුණද සමඟ ඇරඹි ‘ශනිදා සීතාවක ඔඩෙසි’ සංචාරක දුම්රියේ මංගල සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්හොන්ග් (Qi Zhenhong) මහතා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් (Ho Thi Thanh Truc) මහත්මිය, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලිය කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මිය ඇතුළුව මෙරට විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් එක් විය.

t

o

p