කුඩා වැව් ප්‍රතිසංස්කරණයට රජයෙන් රු. මිලියන 3000ක්

August 6, 2023

දිවයිනේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ගොවි තැනට අවශ්‍ය ජලය ලබා දීම සඳහා සකස් කිරීමට රජය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 3000ක මුදලක් මෙම වසර සඳහා අනුමත කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

නාවුල පිළීහුඩුගොල්ල පුරාණ වැව රුපියල් 48,26,844ක මුදලින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මහජන අයිතියට පත් කිරීම ඊයේ (05) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කරනු ලැබීය.

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3000කි. දිවයින පුරා ඇති වැව් 200ක් මෙම වැඩ පිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කිරීම මෙම වසර තුළ සිදු කෙරේ.

මෙහිදී ගොවි ජනතාව ඇමතූ අමාත්‍යවරයා ලබන මහ කන්නයේ දී වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට කිසියම් හෝ රසායනික පොහොරක් නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

t

o

p