මහවැලි කලාපවලට කොත්මලේ ජලාශයෙන් ජලය

August 6, 2023

ජලය ලබාදීමේ ගැටලු මතුව ඇති මහවැලි කලාපවලට කොත්මලේ ජලාශයෙන් අක්කර අඩි 2000ක් මුදා හැරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ. 

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ, දැනට ජල හිඟයකට මුහුණ දී සිටින කලා වැව, කණ්ඩලම, නාච්චාදූව හා දඹුලු ඔය යන ප්‍රදේශවලට එලෙස ජලය මුදා හැරෙන බවයි.

පොල්ගොල්ලේ සිට බෝවතැන්න දක්වා උමං මාර්ගයෙන් ජලය ගෙන යන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. 

t

o

p