ලබන මහ කන්නයේදී ගොවින්ට සහනයක්

August 5, 2023

ලබන මහ කන්නයේදී ගොවීන්ට බන්ඩි පොහොර අවශ්‍ය මුළු නිර්දේශිත ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. එමෙන්ම, තවත් එක් පොහොර වර්ගයක මිල අඩු කිරීමටත්, පොහොර සැපයීමෙන් රජය ඉවත් වී ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගොවි ගිණුම්වලටම බැර කරන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

මේ අතර යුරියා ග්‍රැනියුලා පොහොර මෙටි්‍රික් ටොන් 18,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. ලෝක බැංකු ආධාර යටතේ මෙම පොහොර තොගය වියට්නාමයේ සිට ආනයනය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

ඉදිරි වී වගා කටයුතු සඳහා මෙම පොහොර තොගය අවශ්‍ය ප්‍රදේශවලට බෙදාහරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා වෙත උපදෙස් ලබාදුන් බවද එම අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව එම පොහොර තොගය බෙදාහැරීම් කටයුතු අද උදෑසන සිට ආරම්භ කර තිබේ.

t

o

p