ආනයනික බිත්තර ලබාගත හැකි ස්ථාන

July 26, 2023

ආනයනික ඉන්දීය බිත්තර කොළඹ, ගම්පහ සහ කළුතර සතොස වෙළෙඳසැල් වලින් මිලදී ගත හැකි බව වාර්තාවෙයි.

මෙහි සාර්ථකත්වය මත දිවයින පුරා අනෙකුත් සතොස වෙළෙඳසැල් හරහා බිත්තර මිලදී ගැනීමට අවස්ථාව ලබා දීමට නියමිතයි.

මෙම බිත්තර සතොස වෙළෙඳසැල් හරහා රුපියල් 35.00ක මුදලකට ලබා ගත හැකියි.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික ඉන්දීය බිත්තර රුපියල් 40.00ක මුදලකට අළෙවි කරන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ ඇතිවන තරගකාරීත්වය මත බිත්තර මිල ඉදිරියේදී තීරණය වන බවයි.

t

o

p