සර්ව පාක්ෂික සමුළුව අද පස්වරුවේ

July 26, 2023

ජාතික සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද (26) පැවැත්වේ.

පස්වරු 5.00 ට එය පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ද සර්ව පාක්ෂික හමුවට සහභාගි වීමට තීරණය කර තිබේ.

සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.

t

o

p