26 වෙනිදා ජනපති විශේෂ වැඩකට සැරසෙයි

July 25, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (26) වෙනිදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

මෙම සර්වපාක්ෂික සමුළුව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ට සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

අදාළ සර්වපාක්ෂික සමුළුව එළඹෙන (26) වනදා පස්වරු 5.30 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

t

o

p