අද (25) උදෑසන දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි

July 25, 2023

අද (25) උදෑසන ධවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 04ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ, අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 02ක් මෙලෙස අවලංගු වී ඇති අතර, කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල එක් ගමන් වාරය බැඟින් අවලංගු වී ඇති බවයි වාර්තා වෙයි.

දුම්රිය එන්ජින් රියදුරන් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ඊයේ (24) දිනයේ දී පමණක් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකා දුම්රිය සේවය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

t

o

p