දුම්රිය වර්ජනය අවසන්

July 24, 2023

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ. 

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම සංගමය මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වෙයි. 

සංගමයේ නිලධාරියෙකු පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තම සංගමයේ ඉල්ලීම් සමඟ එකඟතාවයකට පැමිණි බවයි. 

වැඩවර්ජනය හේතුවෙන් අද දිනයේ කාර්යාල දුම්රිය ඇතුළුව දුම්රිය සේවා 26ක් අවලංගු කරන ලදි. 

t

o

p