දුම්රිය ඉඩම්වලින් බදු අය කිරීමේ බලය ස්ථානාධිපතිවරුන්ට

July 21, 2023

දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් බදු එකතු කිරීමේ බලය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට පැවරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

එලෙස බදු එකතු කරන ස්ථානාධිපතිවරුන්ට එම බදු ආදායමෙන් 5%ක් දිරි දීමනාවක් ලෙස ගෙවන්නැයි තමා දැනුම් දී ඇති බවද හෙතෙම කීවේය. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. වාණිජ වශයෙන් තීන්දු තීරණ ගැනීමට දෙපාර්තමේන්තුවකට නොහැකි බැවින් දුම්රිය අධිකාරියක් බවට පත් කිරීමට සියලු දෙනා තීන්දු කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

t

o

p