චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් මෙරටට පැමිණෙයි

July 21, 2023

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජිආජුන් මහතා ඊයේ (ජූලි 20) දිවයිනට පැමිණියේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සමුළුවෙන් පසු චොන්කි නගර සභාවේ ලේකම්වරයා හැටියට නම් කෙරුණු ඔහු චීනයේ බලවත් දේශපාලන චරිතයක් හැටියට සැලකේ.

මෙම සංචාරයේදී ඔහු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ද වාර්තා වේ.

ජිආජුන් මහතා ලබන 23 වන දා දක්වා මෙරට රැඳී සිටින බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

t

o

p