ඉන්ධන කෝටාව යළි ඉහළට

July 20, 2023

දැනට නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග සමාලෝචනය කළ බවයි.

ඒවා ඇගයීමෙන් පසු ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ නංවන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ.

t

o

p