ජපාන සමුද්‍රිය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට

July 20, 2023

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවක් අද කොළඹ වරායට සේන්දු වී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස කොළඹ වරායට සේන්දුවූ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාව, දිගින් මීටර් 151 ක් වන අතර එහි නැව් මුළුව 195 ක ගෙන් සමත්විත වෙයි. එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එම නැව් මුළුව, මෙරට නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p