කොළඹ කොටස් වෙළඳපොලේ කැපී පෙනෙන වර්ධනයක්

July 20, 2023

පසුගිය සති කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ASPI අද උදෑසන ඒකක 88.99 කින් හෝ සියයට 0.81 කින් ඉහළ ගොස් පෙරවරු 11 වන විට ඒකක 11,016.28 දක්වා වැඩි වී තිබේ.

මේ අතර, අද උදෑසන S&P SL20 දර්ශකය ඒකක 24.96කින් ඒකක 3,209.50ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද උදෑසන පිරිවැටුම රුපියල් බිලියන 1.37 ක් ලෙස සටහන්ව තිබේ.

t

o

p