සඳ ගමනට අදට වසර 54යි

July 20, 2023

සඳ ගමනට අදට (20) වසර 54ක් සපිරෙයි.1969 ජූලි 20 වැනි දින සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙස ඉතිහාසයට එක් වූයේ නීල් ආම්ස්ට්‍රෝන්ය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ ”මෙය මිනිසකුට කුඩා පියවරක් පමණි. නමුත් මිනිස් සංහතියේ යෝධ පිම්මකි” ලෙසයි.

සඳ ගමන සඳහා රටවල් 137ක් දායක වූ අතර ආතර් සී. ක්ලාක් ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා නිසා ශ්‍රී ලංකාවට ද එම කටයුත්තේදී සුවිශේෂ තැනක් හිමි වූ බව ආතර් සී. ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා පැවසීය.

t

o

p