පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බව කියයි

July 19, 2023

තිරිඟු පිටි මිල සංශෝධනය කළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති බව ප්‍රධාන තිරිඟු පිටි නිෂ්පාදකයින් වන සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් නිවේදනය කරයි.

බේකරි නිෂ්පාදනවල මිල අඩුවීමක් සලකා බැලීමට, පිටි මිල අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවයි එම සංගමය සදහන් කරයි.

t

o

p