උතුරු මැද හොල්ලන්න මෛත්‍රීට තබා වසවර්ති මාරයාටවත් බැහැ – මහ ඇමති

December 23, 2014

mihinthale meeting SMR

ජනාධිපතිතුමාගෙන් උතුරු මැද හොල්ලන්න මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තබා වස වර්තී මාරයා ආවත් නොහැකි බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.

අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයේ පැවැති ජනාධිපතිවරණ ජනහමු රැසක් අමතමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය. “ප‍්‍රභාකරන්ගේ බිහිසුණු ත‍්‍රස්තවාදයේ කුරිරු හිංසන වලට වැඩි පුරම ලක් වූයේ උතුරු මැද පළාතේ ජනතාවයි. ගම්බිම් පිටින් කපා කොටා මිනිසුන් ඝාතනය කළා.  වගා කළ කුඹුරේ අස්වැන්න කොටි ලබා ගත්තා. අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත‍්‍රික්ක වල ගම්මාන සිය ගනන් ඊළාම් රාජ්‍යයේ මායිම් ගම්මාන  බවට පත් වී තිබුණා. තිස් වසරක්ම සංවර්ධනයේ හිරු නොදැක අඳුරේ තිබූ උතුරු මැද පලාතට ආළෝකයක් උදා වූයේ 2005  වසරේ ජනාධිපති පදවියට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පත්වීමත් සමගයි. මග නැගුම” ගම නැගුම” ජාතික සවිය උතුරු මැද පළාතේ ගම්බිම් සංවර්ධනය ආරම්භ කළා. 2009 යුද්ධය ජය ගෙන ත‍්‍රස්තවාදය අවසන් කළ පසු උතුරු මැද පළාතේ සංවර්ධනය වේගවත් වූනා. අබලන් කැඞී බිඳී ගිය වැව් ප‍්‍රතිසංස්කරණය වුනා. වාරි පද්ධති නවීකරණය වුනා. ගමට විදුලිය ලැබුනා. පානීය ජල පහසුකම් ලැබෙනවා. ප‍්‍රධාන මාර්ග සියල්ල කාපට් වෙලා. ගමේ පාරවල් ද කාපට් වෙමින් පවතිනවා. ගමේ පාසල සංවර්ධනය වෙලා. තොරතුරු තාක්‍ෂණය” තාක්‍ෂණික අධ්‍යාපනය ගමේ පාසලට ලැබිලා. ගොවි ආර්ථිකය සවිමත් වෙලා. හෙට උපදින දරුවාට සුරක්‍ෂිත ස්වයං පෝෂිත රටක් නිර්මාණය කළ ජනාධිපතිතුමා පරාජයට පත් කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා තබා වසවර්තී මාරයාටත් නොහැකි බව අමාත්‍යවරයා කීය.

පළාත් සභා මන්ත‍්‍රීවරු වන පී.බී. කුමාර” සරත් ඉලංගසිංහ මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p