ගත වූ මාස 6ක් ඇතුළත සමාජ මාධ්‍ය හරහා පැමිණිලි 9858ක්

July 13, 2023

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ මෙම වසරේ ගත වූ මාස 6ක් ඇතුළත සමාජ මාධ්‍ය හරහා පැමිණිලි 9858ක් ලැබී ඇති බවයි.

මෙසේ පැමිණිලි කර ඇති පුද්ගලයින්ගෙන් බහුතරයක් කාන්තාවන් බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරුවරයෙක් සඳහන් කර සිටියේය.

ෆේස් බුක් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී හැක් කිරීම, ව්‍යාජ ෆේස් බුක් ගිණුම් භාවිතය, ඔන්ලයින් හරහා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම යනාදිය මෙම පැමිණිලිවලට අයත් බව තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අවුරුද්දේ වාර්තා වූ වැඩිම පැමිණිලි සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මැයි මාසයේදී වන අතර එම පැමිණිලිවලින් 2330ක්ම එම මාසය තුළ වාර්තා වී ඇත.

t

o

p