ඉරිදා දිනයේ උපකාරක පංති පැවැත්වීම තහනම්

July 12, 2023

සියලුම උපකාරක පංති ඉරිදා දිනවල පෙරවරුවේ හා පොහෝ දිනවල පැවැත්වීම සබරගමුව පළාත තුළ තහනම් කරන ලෙසත් එම පැනවු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක උපදෙස් ලබාදී ඇත.

තවද ගුරුවරුන් තමා උගන්වන පන්තියේ සිසුන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමටද ආණ්ඩුකාර නවීන් දිසානායක උපදෙස් දුන් බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය සදහන් කරයි.

දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ඉරිදා දිනවල පෙරවරුවේ පෞද්ගලික උපකාරක පන්ති තහනම් කල බවත් එම නීති කඩකරන පුද්ගලයින් සොයා විමර්ශන ආරම්භ කරන බවද ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය සදහන් කරයි.

t

o

p