අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ

July 12, 2023

අනුරාධපුර සහ ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන සෙනසුරාදා යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාල සටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

මාර්ග අලුත්වැඩියාව සඳහා අනුරාධපුර ඕමන්තේ අතර දුම්රිය මාර්ගය වසා දැමුණේ පසුගිය ජනවාරි මාසයේදියි.

මේ යටතේ කිලෝ මීටර් 62 කින් යුත් දුරක් ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි.

t

o

p