දියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවත්, දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබී තිබෙන බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පැවසීය.
රට තුළ දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනයට රජය දීප ව්‍යාප්තව නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ටී.බී හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක් මගකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.