කෘෂිකර්ම අමාත්‍යංශය විසින් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
අමාත්‍යංශය සඳහන් කරන්නේ වසර පහක් තුළ එළුවන් 70,000ක් මෙලෙස අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීම සිදුකෙරෙන බවයි.
වාඩිගල ප්‍රදේශයෙන් එම වැඩසටහන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
මෙහි දී එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමි වන බව සඳහන් වේ.