ශ්‍රී ලංකාවට කඩුලු 08ක ජයක්

July 8, 2023

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 244ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.2 කදී කඩුලු දෙකක් දැවී ලකුණු 244 ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

පැතුම් නිස්සංක 104, දිමුත් කරුණාරත්න 83, කුසල් මෙන්ඩිස් නොදැවී 34යි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම නිමිත්තෙන් පවත්වනු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හෙට (09 වැනිදා) දහවල් 12:30 ට සිම්බාබ්වේ හි හරාරේ හිදී ආරම්භ වේ.

මෙම කණ්ඩායම් දෙකම මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර තරගාවලියේ ශූරයන් තේරීම නිමිත්තෙන් පමණක් මේ තරගය පැවැත්වේ.

මෙම අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් නෙදර්ලන්තය Q1 සහ ශ්‍රී ලංකාව Q2 ලෙස ලෝක කුසලානයේ තරගවදී.

t

o

p