ලාෆ් ගෑස් සහ සිමෙන්ති රුපියල් 300 කින් අඩුවෙයි

July 7, 2023

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කරන බවයි ලාෆ් සමාගම පැවසුවේ. ඒ අනුව ලාෆ් ගෑස් කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,690 ක්. කිලෝ ග්‍රෑම් 05 හේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 120 කින් අඩු කර ඇති අතර එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,476 ක් වෙයි.

මේ අතර සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද ප්‍රකාශ කරයි. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,300 ක් වනු ඇති. අමාත්‍යවරයා සඳහන් කළේ ඩොලරයේ වටිනාමක අඩු වීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය යකඩ, ටයිල්, ඇලු‍මීනියම් සහ වයර් ආදී භාණ්ඩ මිල අඩුකිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදුකරන බවයි.

t

o

p