සකර්බර්ග්ගේ ත්‍රෙඩ්ස් පැය 07 කින් ලොව පුරා මිලියන5ක් අල්ලයි

July 6, 2023

මෙටා සමාගම විසින් අද දිනයේදී හඳුන්වා දුන් “ත්‍රෙඩ්ස්” නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා එය හඳුන්වාදී පළමු පැය 07 ඇතුළත මිලියන5ක් පරිශීලකයින් පිරිසක් ලියාපදිංචි වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් ඒ බව තහවුරු කර ඇති බවයි.

එලෝන් මස්ක්ට අයත් ට්විටර් යෙදවුමට සමාන විශේෂාංග ඇති “ත්‍රෙඩ්ස්” යෙදවුම පරිශීලකයින්ට මිත්‍රශීලි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම “ත්‍රෙඩ්ස්” යෙදවුම ට්විටර් සඳහා මෙතෙක් එල්ල වූ ප්‍රබලතම අභියෝගය වනු ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසයි.

t

o

p