නීති විරෝධී මිනිස් සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති

July 6, 2023

ඉන්දියන් සාගරය ඔස්සේ සිදුවන නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මේ දිනවල පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ක්‍රියාවට නංවා තිබෙන බවත්, ආපදා සහන සැලසීමේදී පවතින චක්‍රලේඛ අවභාවිත වීම වළක්වාලීම සඳහා අවශ්‍ය සංශෝධන ගෙන එන බවත් අමාත්‍යවරයා පැවසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (06) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

t

o

p