ඖෂධ හිඟයක් ඇති නොවීමට රජයෙන් වැඩපිළිවෙළක්

July 3, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ද සුවිශේෂ අවධානයකින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

t

o

p